නපුරා 💞 දෙවන නපුරුකම

නපුරා 💞 දෙවන නපුරුකම

" මොන මැට්ටියක්ද මන්දා අච්චර ජොබ් එක සෙට් වෙලා, පන්ඩිතකමක් කරලනෙ ? ඔලුවේ මැටිද තියෙන්නෙ??"
" අනේ ඉතිම්. මම වැටුනාමත් කෑ ගැහුවනේ, ස්කෝලේ වගේනම් දෙනව හොම්බට."
" උබේ මේ චන්ඩි වැඩ නිසා උබ දවසක ලොකූ අමාරුවක වැටෙනවා බන්.,බලපන් දැන් උන දේ?"
" දිහංසා , මැනික, මේ ජොබ් එක නැති වෙලා ඇති නේද? බොසා මාව ගන්න එකක් නැති වෙයි නේද? "
" ගනීද බන් අර බොසාට දීලා තියෙන ලොරී ටෝක් වලට?"
" මන් හෙට එනෝ කියලනම් කියුවා ඉතිම්"
" හෙට උබ පලයන් උගේ ගෙදර, අමන ගහ, දිහංසා පැවසුවේ නිත්යා කෙරෙහි බොරු තරහක් මවාගෙනයි.
කතාවවෙන් කතාවෙන්, යෙහෙලියන් දෙදෙනා නිවසට පැමිනෙන විට නිත්යාගේ මව මග බලාගෙන සිටියේ ඇයගේ එකම දියණිය ගෙදර එන තෙක් ඇයගෙන් විස්තර දැන ගැනීමට.
" ආ, දෙන්නම ආවද? මහන්සිත් ඇති නේද දූ, මොකද උනේ අද? "
" කෝල් කරන්නම් කියුවා ආන්ටී" දිහංසා පැවසුවේ , නිත්යා කල දේ ඇගේ මවට පැවසිය නොහැකි නිසා.
" ආන්ටී මම යන්නද එහෙනම්? "
" අනේ දෝනී,ඉන්න කෑම ටිකක් කාල යන්න, " නිත්යාගේ මව ඉතා ඉක්මනින් කෑම ලෑස්ති කලා.දිහංසා ත්, නිත්යාත් යන දරුවන් දෙදෙනාම තමන්ගේම දූ වරුන් ලෙසටයි නිත්යාගේ මව සිතන්නෙ, දිහංසාගේ මවත් මේ ලෙසට ඔවුන් දෙදෙනාටම ආදරෙයි.
" අම්මෝ, බන්ඩි ෆුල්, මේ මම ගිහින් එන්නම්. නැත්නම් ආන්ටි මගේ බඩ පලයි කෑම කවලා 😂"
" අනේ දූ යන්නද? "
" ඔව් , ආන්ටි මම හෙට දිහාට එන්නම්කෝ, නිත්යා, හෙට ශොපින් යමු හොදද මම එන්නම්"
දිහංසා පිටව ගියාට පසු නිත්යාට පාලුවක් දැනුනු නිසා, ඈ ෆේස් බුක් හි #ශානුකලෂාන් ලියන නපුරා කතාව කියවන්න ගත්තේ ඈ ඊට බෙහෙවින් ඇලුම් කල නිසා. ඔහුගේ කතාවල ඇති සමහර සිදුවීම් වලට ඈ ආශා කලා. මීට පෙර ඔහු ලියූ සත්යය ප්රේමයක් කතාවේ සිටි සදූ ඊට උදාහරණයක් මන්ද ඈ හට බබා ලැබීමෙන් පසු ස්කූටි පැදීමට අමතක වූ ආකාරය වැනි කරුනු වලට නිත්යා ඇලුම් කලා.
රාත්රී ආහාර ගෙන නිත්යා සයනයට ගොඩ වුනේ රැකියාව ගැන සිතමින්.
" ම්ම් හෙට යනවද? නෑ නෑ එක්කෝ ඕන් නෑ , අර නපුරා මගේ කනෙන් අල්ලලා එලියට දායි අද කියපු ඒවට, අම්මෝහ්, කොහොමත් ඒ ජොබ් එක ඉවරයි, දැන් අපි දොයියගමු.." තමාටම මුමුනාගත් නිත්යා නිදි දෙව්දුවගේ තුරුල්ලට ගියේ මේ වනවිට ඈ ඇගේ නව රැකියාව පිලිබඳ සිහිනය සම්පූර්ණයෙන්ම සිතෙන් ඉවත් කරමින්.
" බ්ර්ම්ම්ම්ම්ම්ම්ම්ම්, බ්ම්ම්ම්ම්ම්ම්ම්,"
" මොන වදයක්ද මට දොයියගන්න දෙනවකෝ ෆෝන් එක හුම්, " උදෑසනම දුරකතනය වයිබ්රේට් වෙනු ඇසී අවදි වූ නිත්යා දුරකතනය සයිලනට් කර නැවත නිදාගත්තේ දෑසවත් නොහැරමින්.
" නමුත් දිගින් දිගටම දුරකතනය වයිබ්රේට් උන නිසා, ඈ සිතුවේ මේ දිහංසා කියා, මන්ද මේ ලෙසට ඈ හට වද දෙනවනම් ඒ දිහංසා පමනක් නිසා.
" මොන වදයක්ද මන් දන් නෑ.. ඉන්නවකෝ බයින්න. " නිත්යා දුරකතනය ගෙන එය දෙස නොබලාම ආන්ස්වර් කර කනේ තියාගත්තේ නිදිමතින්.
" 📞 මොනාද හුත්තියේ කරන්නේ, හුම් නිදාගන්න දීපියකෝ, ශොපින් යන්න පුදුම ආසවක්නේ තියෙන්නේ. ඊයේ අර නපුරට බැනලා මහන්සී අනේ දෝගන්න ඕනේ, " නිත්යා ගිරවියක් මෙන් එක දිගට කියවගෙන ගියා.

"📞 වට් ආ යූ ටෝකින් එබවුට්? තමුසේ වැඩට එන් නැද්ද? කීයටද එනවා කියුවේ ආ? ජොබ් එකට එන පලවෙනි දවසෙම ඔහොමද? ඊයේ මම පැහැදිලි කරලා කියුවා තමුසෙට මම කැමති නෑ කියල ටයිම් එකට වැඩ නොකර අයට, දැන් වෙලාව 8.00 යි. තමුසේ 9 වෙන්න කලින් මොන විදියකට හරි ඔෆිස් එකට එන්න ඕනේ. ඕක්, බායි."

" අනේ දෙවියනේ, නිත්යාගේ නිදි මත අධෝ මුඛයෙන් පලා ගියේ උදෑසනම ජාතිය අමතන ආඩම්බරකාර නපුරාගේ ආදරණීය වදන් නිසා.
" උගුඩුවා, ගෙම්බා, ගොනා, වස්සා,බූරුවා , බස්සා, එල හරකා,මී හරකා, පුදුම නපුරෙක්. මගේ නින්දත් ඉවරයි.අනික මූ මාව ජොබ් එකෙන් අයින් කරල නෑනේ, මහ පුදුම එකෙක් තමා."
" පැයකින් යන්න පුලුවන් වෙයිද? අනේ මට පිස්සු වගේ, ඉන්නවකෝ මම ඔෆිස් යනකම්, මම ඔයි පුටුවේ තියලා අලවනවා දවසක ඉන්නවකෝ" නිත්යා තමාටම මුමුනාගනිමින් වොශ් රූම් එකට ගියේ ඉක්මනින් ලැහැස්ති වීමටයි.
" වෙනදට පැයක් දෙකක් ලක ලැහැස්ති වන නිත්යා අද පැය බාගෙන් ලැහැස්තී වුනේ පස්ස කැඩුනු කඩියා වගේ. හැද සිටි ශෝට ගලවා ඇදට විසි කල නිත්යා පොඩි ශෝටක් ඇදගෙන, ඩෙනිමකුයි ටී ශර්ට් එකකුයි ඇදගත්තේ, ඉක්මනින් පිටත් වීමටයි.
ඈ හට යන්තම් හෝ සහනයක් උනේ නිත්යාට ස්කූටියක් තිබූ නිසා.
ස්කූටියට නැගුනු නිත්යා ඉතා ඉක්මනින් ඉගිල්ලුනේ කෙසේ හෝ විනාඩි හතලිස් පහෙන් ඔෆිස් එකට යාමටයි. ඈ ආයතනයට ඇතුලු වන විටම සිකියුරටි කතා කලා.

" ගුඩ් මෝනින් මිස් ? මිස් කවුද?
" මම නිත්යා, ගුඩ් මෝනින්. ඊයේ ඉන්ටර්වීව් ආවේ අන්කල් ඒ මම තමා,
" ආ මිස්, එන්න කියුවද අද?
" ඕ අන්කල්, මේ මම හවසට කයියක් ගහන්න එන්නම් දැන් මම යනෝ, අර නපුරා බලන් ඉන්නෝ, " යැයි පවසමින් නිත්ය ස්කූටිය දාන්න රත ගාලට ගියේ ඉක්මනින් නපුරු බොස් හමුවීමටයි.
නමුත් ඊට ප්රථමයෙන් ඈ හට හමුවූයේ නවීන පන්නයේ කාර් රතයක් නවතා ඇති ගරාජයක්.
නිත්යාද තම ස්කූටිය ඒ වෙතට පැදවූයේ එහි පසුපස බෆර් එකේ ස්කූටියේ රෝදයද වද්දමින්.
" අයියෝ මොන හරකෙක්ද මන්දා? මේක මෙතනම නවත්තලනේ. කමක් නෑ සල්ලි ඇතිනෙ ඕක හදාගනී, චුට්ටයිනේ. නිත්යා ස්කූටිය එතනම නවත්වා කඩාගෙන බිදගෙන ඇතුලට ගියේ වෙලාව බලමින්.
" දෙයියනේ 9.5 යි. කමක් නෑ "ඈ ඉක්මනින් දිව ගියේ බොස්ගේ කැබින් එකට, එහි යන විටත් ඔහු ඔරලෝසුව දෙස බලාගෙන සිටියා.
" ගුඩ් මෝනින් සර්"
" අහ්, කොහෙ යන ගමන්ද ආවේ? "
" ඔෆිස් ආවේ සර්"
" අහ්? ඒහෙමද? එතකොට මේ අලියගේ පස්ස පේන ටී ශර්ට් එකක් ඇදන් ආවේ? "
" සර් කොහොමද ඌ අලියා කියුවේ? ඌ ඇතෙක් වෙන්නත් පුලුවන්. සර් ඉස්සර අලි බැලුවද? " නිත්යාගේ කටර් එක ස්ටාර්ට් උනේ ඈටත් නොදැනීමයි.
" කට වහපන් නිත්යා " , නිත්යාට මතක් වුනේ දිහංසාගේ කෑ ගැසීමයි.
" හුම්. " තමාටම මුමුනා ගත් නිත්යා සිනාසී බොස් දෙස බලා සිටියා.
" නෑ අලි බැලුවේනම් නෑ, හැබැයි උදේම සත්තු වත්තක ගිය නිසා මම අලි ගැනත් ඉගෙන ගත්තා, , බූරුවෝ හිටියා, වස්සෝ හිටියා, ගොන්නු හිටියා, එල හරක් හිටියා. "
" දෙයියනේ, නිත්යාට පොලොව පලන් ගිහින් වෙඩි තියාගන්න හිතුනේ උදේ ඈ බොස්ට බැනපු සියල්ලක්ම බොස්ට ඇසී තිබූ නිසා.
" අහ්, ම්ම් සර්, මේහ්, හ්ම්ම්, හි" නිත්යා ඇබරුනේ කුමක් පවසන්නේද යන්න සිතමින්.
" නිත්යා, ෆෝන් එක ගන්නකෝ එලියට" බොස් පැවසූ නිසා නිත්යා දුරකතනය එලියට ගත්තා.
" දෙයියනේ, හීන පිච්චිලා අලු හුලගේ ගියා. " මේ කෝල් එක කට් වෙලා නෑනේ දෙයියනේ" නිත්යාගේ දෙලෝ රත් වුනේ උදෑසන බොස්ගේ දුරකතන ඇමතුම තවමත් විසන්දි වී නොතිබූ නිසා.

( මොනා වෙයිද නිත්යාට? 😂😂🙈 අනේ මන්දා පුදුම දගක් නේද තියෙන්නෙ? කමෙන්ට් ඕනී, ලයික් ඕනී, 2k ලයික් ආවොත් බෝනස් දෙනවා, මගේ නම්බරේත් ඕනෙද? 🙈🙈😂)

උපුටා ගැනීම තහනම් 

- ශානුක ලෂාන් -

 
 
 

 

Ar-themes Logo

Ar-themes

Phasellus facilisis convallis metus, ut imperdiet augue auctor nec. Duis at velit id augue lobortis porta. Sed varius, enim accumsan aliquam tincidunt, tortor urna vulputate quam, eget finibus urna est in augue.

No comments:

Post a Comment